අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උත්සවය ලබන 29 හා 30

    අගෝස්තු 27, 2014
    මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන්ගේ ක්‍රීඩා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් තෙවැනි වරටත් සංවිධානය කරන මහනුවර දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල මෙවරත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව ලබන 29 සහ 30 යන දෙදින එම උත්සවය මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 


    ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,500කට වැඩි පිරිසක් සහභාගී වන මෙම තරගාවලියේ ජවන සහ පිටිය යන අංශ දෙකෙන්ම තරග ඉසව් පැවැත්වේ. මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ කාර්යාල රැසක්ම මෙම තරගාවලිය සඳහා සහභාගී වනු ඇත.

     

    මෙම ක්‍රීඩා උළෙලේ දෙවැනි දින සමාරම්භක අවස්ථාව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

     

    මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඉහළ දැමීම සඳහාත් රාජ්‍ය අංශය තුළ සුහදත්වය වර්ධනය කිරීම සඳහාත් සංවිධානය වන මෙම ක්‍රීඩා උළෙල සම්බන්ධීකරණය කරනු ලබන්නේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසිනි.

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya