අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට ලකුණු 77ක ජයක්

    අගෝස්තු 27, 2014

    ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර ඊයේ (26) හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 77ක දැවැන්ත ජයක් වාර්තා කළේය. තිසර පෙරේරා ‘තරගයේ වීරයා’ ලෙස නම් කෙරිණි.

    මේ ජයග්‍රහණයත් සමග දෙපිල අතර තරග තුනකින් සමන්විත එක්දින තරගමාලාව 1–1ක් ලෙසින් සමකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකා පිල කඩුලු 9කට ලකුණු 310ක් රැස් කළ අතර ලකුණු 311ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය පකිස්තානයේ සියලු පිතිකරුවන් ඕවර 43යි පන්දු 5ක් ඇතුළත ලකුණු 233කට දැවී ගියේය.


    නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 93ක්ද, මහේල ජයවර්ධන ලකුණු 67ක්ද, තිසර පෙරේරා ලකුණු 65ක්ද ලබා ගත්තේය. මේ අතර ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමේ ලකුණු 3000 ඊයේ සම්පූර්ණ කළේය. පකිස්තානු පිලේ වහාබ් රියාස් කඩුලු 4ක්ද මොහමඩ් හෆීස් කඩුලු 3ක්ද ලබා ගත්තේය.

     

    පකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කළ මොහමඩ් හෆීස් ලකුණු 62ක්ද, අහමඩ් ෂෙසාඩ් ලකුණු 56ක්ද ලබා ගත්තේය. තිසර පෙරේරා කඩුලු 3ක්ද රංගන හේරත්, සීක්කුගේ ප්‍රසන්න හා ලසිත් මාලිංග කඩුලු 2 බැගින්ද ලබා ගත්හ.


    තෙවැනි හා අවසාන එක්දින ක්‍රිකට් තරගය ලබන සෙනසුරාදා (30) දඹුල්ලේදී පැවැත්වීමට නියමිතය.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya