අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ක‍්‍රීඩා දිනය අපේ‍්‍රල් 06 ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ

    අගෝස්තු 22, 2014
    ජාතික ක‍්‍රීඩාව නගරයෙන් ගමට ගෙනයාමේ අරමුණින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන ප‍්‍රතිපත්තියට අනුව යමින් ශ‍්‍රී ලංකාවේ ජාතික ක‍්‍රීඩා දිනය අපේ‍්‍රල් 06 ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. 


    ලාංකීය ඉතිහාසයේ ප‍්‍රථම වරට ක‍්‍රීඩා සංස්කෘතියක් බිහිකිරීම සඳහා ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ජාතික ක‍්‍රීඩාව ගමට ගෙනයාමට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331ක් හා ග‍්‍රාමසේවා වසම් 15,000ක් ඉලක්ක කර ගනිමින් ක‍්‍රීඩාව නංවාලීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරමින් පවතී. අතීතයේ ක‍්‍රීඩාව තුළින් අපේක්ෂා කරන ලද්දේ ජාතික හා ජාත්‍යන්තර පදක්කම් පමණක් වුවත් වර්තමානයේ ඉන් ඉදිරියට ගොස් සෑම පුද්ගලයෙකුටම ක‍්‍රීඩාවක් කිරීමට උපරිම අවස්ථාවක් ලබාදීමට මේ යටතේ කටයුතු කර ඇත. 

     

    නගර ආශ‍්‍රිතව පා ගමන් මං තීරු ඇති කිරීමට හා සේවා ස්ථානවල ව්‍යායාම්වල යෙදීමට අවස්ථාව සලසාදීමට යොමු කිරීමට කටයුතු කර තිබේ. පාසල තුළ එක් ක‍්‍රීඩාවක් අනිවාර්ය කිරීම සඳහා ක‍්‍රීඩා අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව අමාත්‍ය මණ්ඩල සංදේශයක් මඟින් අනිවාර්ය කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇත. 


    2013 වසරේ අගෝස්තු 23 වන දින නිව් යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සාමය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ක‍්‍රීඩා දිනය ලෙස නම් කර තිබේ. සාමය හා සංවර්ධනය සඳහා මෙවලමක් ලෙස ක‍්‍රීඩාව හඳුනාගෙන ඇත. මේ වන විට ලෝකයේ සමහර රටවල් අපේ‍්‍රල් 06 දින ජාත්‍යන්තර ක‍්‍රීඩා දිනය ලෙස නම් කිරීමට ද කටයුතු කර ඇත.
     
    මේ සම්බන්ධව මොනෝකා නුවර දෙවන ඇල්බට් කුමරුගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති ක‍්‍රීඩාව හා සාමය නමැති සංවිධානය විසින් ජාත්‍යන්තර ක‍්‍රීඩා දිනය ලෙස අපේ‍්‍රල් 06 වන දින ප‍්‍රකාශයට පත් කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් කරනු ලැබ තිබේ. එම තීරණයට අනුව යමින් සමස්ත ප‍්‍රජාවම ආවරණය වන පරිදි ජාතික ක‍්‍රීඩා දිනයක් ප‍්‍රකාශයට පත් කිරීම සමාජ වගකීමක් ලෙස සලකා ශ‍්‍රී ලංකාවේ ද ජාතික ක‍්‍රීඩා දිනයක් ප‍්‍රකාශයට පත් කර ඇත. 

    සෑම සමාජ ස්ථරයක්ම නියෝජනය වන පරිදි ක‍්‍රීඩාව සඳහා යොමුවීමේ ප‍්‍රවණතාව වැඩිදියුණුවීම මේ වන විටත් දක්නට ලැබෙන අතර ඒ සඳහා රාජ්‍ය අනුග‍්‍රහය ලබාදීම ද වැදගත් වනු ඇත. ක‍්‍රීඩාවෙන් අපේක්ෂිත කායික හා මානසික සමබරතාව තුළින් නිරෝගී බව, නිවැරදි ආකල්ප, කණ්ඩායම් හැඟීම් වැඩිදියුණු කිරීම හා විනය ගරුක ප‍්‍රජාවක් බිහිකිරීමට ක‍්‍රීඩාව හා සම්බන්ධ නව උපාය මාර්ග කරා යොමුවීම ද වැදගත් වනු ඇත.

     

    NDH/SK-cmu

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya