මාර්තු 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - කොදෙව් පලමු එක්දින තරඟය අද

    මාර්තු 10, 2021

     ශ්‍රී ලංකා - කොදෙව් පලමු එක්දින තරඟය අද

     සංචාරක ශ්‍රී ලංකා පිළ හා බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර තරඟ 3කින් සමත්විත එක්දින තරඟාවිලයේ පලමු එක්දින තරඟය අද(10) මෙරට වේලාවෙන් ප.ව. 7.00ට  ඇන්ටිගුවා හි සර් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

    දිවා තරඟයක් වන අද තරඟය තරඟාවලියේ පලමු තරඟය බැවින් දෙපිළටම ඉතා වැදගත් තරඟයක් වනු ඇති. ශ්‍රී ලංකා පිළ මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් පිළද පසුගිය වසර කිහිපයක කාල සීමාව තුළ ජාත්‍යන්තර එක්දින තරඟ වලදී එතරම් දක්ෂතා අතරට නොපැමිණි හෙයින් මෙම තරඟාවලිය ජය ගැනීමට කණ්ඩායටම ‍වැදගත් මෙන්ම, තරඟාවලිය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇතැයි යන වග ක්‍රීඩා විචාරකයින්ගේ මතයයි.

    අද තරඟයේදී ශ්‍රී ලංකා පිල නායක දිමුත් කරුණාරත්න විසින් මෙහෙයවනු ලබන අතර කිරන් පොලාඩ් විසින් කොදෙව් පිලට නායකත්වය ලබා දෙයි. අද තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක කෙවින් සින්කලෙයාර් එක්දින ජත්‍යන්තර වරම් හිමිකර ගැනීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවට වාර්තා වේ. විස්සයි-20 තරඟාවලිය සඳහා සහභාගී වීමට නොහැකි වූ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක අද තරඟය සඳහා බොහෝ දුරට ක්‍රීඩා කිරීමට නියමතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya