අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ටෙස්ට් අවසන් මහා තරඟයට ඉන්දියාව සුදුසුකම් ලබයි

    මාර්තු 06, 2021

    එංගලන්තය සමඟ පැවති ටෙස්ට් තරඟාවලිය ජය ගැනීමත් සමග ලෝක කුසලාන ටෙස්ට් තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට ඉන්දීය පිළ අද(06) සමත් විය.

    තරග 4කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ අද පැවති අවසන් ටෙස්ට් තරඟය ඉනිමකින් සහ ලකුණු 25කින් එංගලන්තය පරදා ජය ගනිමින්, සමස්ත තරඟාවලිය 3-1ක් ලෙස විශිෂ්ඨ ජයක් හිමිකර ගත් ඉන්දීය පිළ ඒ් සඳහා සුදුසුකම් ලැබීය.

    ඒ් අනුව ලෝක කුසලාන අවසන් තරඟය මෙම වසරේ ජුනි මස 18 වනදා සිට 22 වනදා දක්වා එංගලන්තයේ දී පැවැත්වීමට නියමිතව ඇත. බොහෝ දුරට ලෝඩ්ස් ක්‍රීඩාංගණය මේ සඳහා යොදා ගනු ලබනු ඇති බවට වාර්තා වන අතර අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නුදුරුදීම ඒංගලන්තයේ පිහිටි කුමන ක්‍රීඩාංගණය මේ සඳහා යොදාගන්නනේද යන වග පිළිබඳව අවසන් තීරණය නිවේදනය කරනු ඇති.

    දැනට ලෝක කුසලාන ටෙස්ට් තරඟාවලියේ ප්‍රථම ස්ථානයේ පසුවන ඉන්දියාව හා නවසීලන්තය අවසන් මහා තරඟයය සඳහා සුදුසුකම් ලබා තිබේ. එම ලකුණු සටහනේ ශ්‍රී ලංකා පිළට හිමිව ඇත්තේ 8වන ස්ථානයයි.

    මූලාශ්‍ර - www.espncricinfo.com

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya