මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාපන්දු පුහුණුකාරිනී ඩී.ඒස්. මේනකා එංගලන්තයේ FA පුහුණු බලපත්‍ර පාඨමාලාවට තේරේ

    අගෝස්තු 22, 2014

    එංගලන්තයේ පාපන්දු සංගමය විසින් FA පුහුණු බලපත්‍ර පාඨමාලාවට (FA License coaching course) සහභාගීවීමට ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකාරිනී ඩී.ඒස්. මේනකා එංගලන්තයේ ස්ටැන්ෆෝඩ්ශිර් වෙත ආරාධනා කර ඇත.


    මෙම FA පුහුණු බලපත්‍ර පාඨමාලාව සැප්තැම්බර් 13 සිට 28 දක්වා පැවැත්වේ. මේනකා සැප්තැම්බර් 12 ලන්ඩන් බලා යාමට නියමිත අතර සැප්තැම්බර් 28 පාඨමාලාව අවසන් කර නැවත මවුබිම වෙත පැමිණෙනු ඇත. ඇයගේ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එංගලන්ත පාපන්දු සංගමය මඟින් ගෙවනු ලැබේ.


    ආසියානු පාපන්දු ඒකාබද්ධ සංගමය විසින් මෙම ලොව පිළිගත් පාඨමාලාව සඳහා නම් කර තෝරාගත් ශ්‍රී ලංකා පළමු කාන්තා පාපන්දු පුහුණුකාරිය මේනකා වේ. ඇය මේ වන විටත් AFC C  බලපත්‍ර පුහුණු සහතිකය (AFC C license coaching certificate) ලබා ගැනීමට කටයුතු කරන අතර ෆිෆා පන්දු රැකීමේ පාඨමාලාව (FIFA Goal Keeping Course) හදාරමින් සිටී.


    මේනකා ශ්‍රී ලංකා 16න් පහළ කාන්තා පුහුණුකාරිය වන අතර දකුණු ආසියා පාපන්දු සම්මේලනයට සහභාගී වූ කාන්තා ජාතික පාපන්දු කණ්ඩායමේ සහකාර පුහුණුකාරිය ද වේ.

     

    මේනකා බදුල්ල ප්‍රදේශයේ පාසලකින් බිහි වූ මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශයේ ඌව පළාත් ශාරිරීක අධ්‍යාපන ගුරුවරියක් ලෙස සේවයේ නියුතු වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya