අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා ප්‍රිමියර් ලීග් සමගින් මෙරට ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරළෙයි

    නොවැම්බර් 26, 2020

     

    මෙතෙක් සිහිනයක්ව පැවැති පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියක අඩුව ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කරමින් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය ඉතා උත්කර්ෂවත් සමාරම්භක උත්සවයකින් පසුව අද(26) දින මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

    ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු කිංග්ස් සහ කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ටස්කර්ස් අතර තරගය තරඟාවලියේ පලමු තරඟය ලෙස මේ වන විට පැවැත්වෙමින් තිබේ.

    වසර ගණනාවක් තිස්සේ පැවැත්වීමට සැලසුම් කළද එහෙත් දිගින් දිගටම කල් දැමීමට සිදුවුණු ලොව අංක 1 ලීග් ක්‍රිකට් තරගාවලි අතරට එක් වන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය මුළු ලෝකයම ව්‍යසනයකට පත්ව තිබෙන අවස්ථාවක යථාර්ථයක් බවට පත්වීම ද සැබැවින්ම සිහිනයක් සැබෑවීමකි.

    තරගාවලියක් සංවිධානය කිරීමේදී පැන නැගෙන සාමාන්‍ය ගැටලුවලට පරිබාහිරව වූ ගැටළු හෙවත් කොරෝනා වසංගත තත්ත්වය මුළු ලෝකයටම බලපෑමක් ඇති කර තිබෙන අවස්ථාවක ඒ සියල්ලෙන්ම සුරක්ෂිත වූ තරගාවලියක් පැවැත්වීම මෙරට ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරළන්නකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya