අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලේබනන් වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ තොරතුරු දැනගැනීමට හදිසි දුරකතන අංකයක්

    අගෝස්තු 05, 2020

    ලෙබනනන් පිපිරුමෙන් පසු ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු දැනගැනීම සඳහා ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකථන අංකයක් හඳුන්වා දීමට ලෙබනනයේ බේරුට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර තිබේ.

    ඊයේ (04) දින එරට වේලාවෙන් සවස 6.00 පමණ ලෙබනනයේ බේරුට් නගරයේ විශාල පිපිරීමක් සිදුවිය. මෙම පිපිරීමෙන් ශ්‍රි ලාංකිකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් ඔවුන් පිළිබඳව තොරතුරු ලබා ගනිමින් සිටින බවත් මේ සම්බන්ධව ඉදිරියේදී තවදුරටත් දැනුම්වත් කරන බව මෙම තානාපති කාර්යාලය පවසයි.

    මෙම පිපිරුමේ ප්‍රතිඵලයක් ලෙස බේරුට්හි පිහිටි තානාපති කාර්යාල ගොඩනැගිල්ලට සුළු අලාභානි සිදුව ඇති බවත් මෙම පිපිරීමෙන් තානාපති කාර්යාලයේ කිසිදු නිලධාරියෙකුට හානියක් සිදුව නොමැති බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

     

    ක්ෂණික දුරකථන අංකය +961 5769585

    විද්‍යුත් තැපැල් This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya