අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගගන කිමිදුම් උළෙල මාර්තු 7, 8, හා 9 දිනවල මාතලේදී

    මාර්තු 07, 2020

    දෙස් විදෙස් ක්‍රීඩකයන් සහභාගි වන ගගන කිමිදුම් උළෙල මාතලේ කිරිමැටිය දර්ශන පථය ( Revesten view point) හා මහනුවර කැලෑ බොක්ක 360 දර්ශන පථය ආශ්‍රිතව 2020 මාර්තු 7,8,9 තෙදින පැවත්වේ.


    “ලංකාපුර ගගන කිමිදුම් උළෙල 2020” (Lankapura para Gliding Festivel) ලෙස නම් කොට ඇති මෙම උළෙලට ජාත්‍යන්තර ගගන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50 අධීක සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය. හරිත සංකල්පය පදනම්කර ගනිමින් පාරිසරික සංචාරක (Eco tourism) අංගයක් ලෙසින් ගගන කිමිදුම් ප්‍රවර්ධනය කරමින් සංචාරක කර්මාන්තය නගා සිටුවිමේ අරමුණින් මෙම උළෙල පැවැත්වේ.

    නව රජය සංචාරක කර්මාන්තයේ විශාල දියුණුවක් අපේක්ෂා කරන මොහොතක ඒ් සදහා විදේශිකයන් ආකර්ශනය කර ගැනීමත්, ගගන කිමිදුම් ක්‍රීඩාව මාතලේ දුම්බර කදුවැටිය සන්නාමයක් බවට පත් කිරිමේ පළමු පියවරත් වශයෙන් මෙම ගගන කිමිදුම් උළෙල සංවිධානය කරන බව මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක මහතා සදහන් කළේය.

    මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.ඒම්.ජී.කේ පෙරේරා මහතාගේ උපදෙස් පරිදි මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ වැඩ සටහන් රැසක්ද මේ වනවිට සැලසුම් කර ඇතී බවත් ඉදිරියේ සෑම වසරකම පෙබරවාරි මාසයේදී මෙම උළෙල පැවැත්වීමටද සැලසුම් කොට ඇති බවත් මෙහිදී අනාවරණය විය.

     

    පසුගිය 11 වෙනි දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ගගන කිමිදුම් උළෙල පිළිබද මාධ්‍ය දැනුවත් කිරිමේ වැඩසටහනට සහභාගි වෙමින් මෙම තොරතුරු අනාවරණය විය.


    ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, මධ්‍යම පළාත් වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව, වන සංරක්ෂන දෙපාර්තමේන්තුව, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්‍රි ලංකා ගුවන් හමුදාව, මාතලේ දිස්ත්‍රික් සිවිල් සමාජ සම්මේලනය, හා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩ සටහන සංවිධානය කොට තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya