අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් හමුදා පාපැදි සවාරිය අදින් ඇරඹේ

    මාර්තු 05, 2020

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව, 21 වැනි වරටත් සංවිධානය කරන ගුවන් හමුදා පාපැදි සවාරිය අද (05) උදෑසන කොළඹ ගුවන් හමුදා මුලස්ථානය ඉදිරිපිට දී ආරම්භ විය.

    පුරා දින තුනක් පුරා  පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරිය කොළඹ, මහනුවර, ත්‍රිකුණාමලය පසුකර අනුරාධපුරයෙන් අවසන් වීමට නියමිතයි. පිරිමි සහ කාන්තා දෙඅංශයෙන් තරග පැවැත්වෙනවා. පිරිමි  කණ්ඩායම් 20ක් සහ කාන්තා කණ්ඩායම් 07ක් මෙවර තරගාවලියට එක්වීමට නියමිතයි.

     

    පිරිමි පාපැදි සවාරිය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර දුර ප්‍රමාණය කිලෝමීටර් 444.62කි. කාන්තා පාපැදි සවාරිය 7 වැනිදා පුත්තලම සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර 110ක දුරකින්
    පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    අද ආරම්භ වන පිරිමි පාපැදි සවාරිය කොළඹ සිට මහනුවර දක්වා දුර කිලෝමීටර් 109.53කින් , වන අතර හෙට(06) දිනයේ මහනුවර සිට ත්‍රිකුණාමලය දක්වා දුර කිලෝමීටර් 199.05කින්, ,
    සහ මාර්තු 7 වැනිදා ත්‍රිකුණාමලය සිට අනුරාධපුරය දක්වා දුර කිලෝමීටර් 136.04කින් ද වශයෙන් පැවැත්වේ.

    සමස්ත තරගයේ ප්‍රථම, දෙවැනි සහ තෙවැනි ජයග්‍රාහකයන් සඳහා රුපියල් 300,000 – 200,000 සහ 100,000 බැගින් ජයග්‍රාහකයන් 25 දෙනකුට මුදල් ත්‍යාග ලබාදීමට නියමිතය. සමස්ත ස්ප්‍රින්ට්
    ශූරතාවය, අදියර ත්‍යාග, සමස්ත කඳු ශූරතාව, සමස්ත කණ්ඩායම් ශූරතාව, ජයග්‍රාහී කණ්ඩායම අනුශූරතාව, සමස්ත යොවුන් ක්‍රීඩකයා (23 න් පහළ) වශයෙන් ත්‍යාග පිරිනැමේ.

    කාන්තා පාපැදි තරගාවලියේ ප්‍රථම, දෙවැනි හා තෙවැනි ජයග්‍රාහකයන් සඳහා රුපියල් 100,000 – 50,000 සහ 30,000 බැගින් දස දෙනකුට වටිනා මුදල් ත්‍යාග පිරිනැමේ. එමෙන්ම ස්ප්‍රින්ට්
    ශූරතාව, කණ්ඩායම් ශූරතාව, ජයග්‍රාහී කණ්ඩායම සහ අනුශූරතාවය වශයෙන් ත්‍යාග පිරිනැමේ. ත්‍යාග ප්‍රදානෝත්සවය මාර්තු 7 වැනිදා සවස අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ දී ගුවන් හමුදාපති
    එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වීමට නියමිතය.

    තරඟාවලිය රූපවාහිනී අයි නාලිකාව ඔස්සේ උදේ 8.00 සිට සජීව ලෙස නැරඹිය හැකියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya