මෙම ජාතික ඔරු පැදීමේ තරඟාවලිය සදහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වූ අතර, තරඟාවලියේදී නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ
ක්‍රීඩකයින් විසින් රන් පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කමක් නාවික හමුදාව සතු කර ගැනීමට සමත් විය.
මෙම තරඟාවලියේ ත්‍යාග ප්රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල්
කපිල සමරවීර මහතා විසින් තරඟාවලියේ ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට හිමි කුසලාන සහ සහතිකපත් පිරිනැමීම සිදු කරන ලද අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් හා
නාවිකයින් මෙන්ම යුධ සහ ගුවන් හමුදාවන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් හා සෙසු නිලයන් රැසක් සහභාගී වී සිටින ලදි.