මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත බලාත්මක කිරීම සඳහා විශේෂ පොලිස් විමර්ෂණ ඒකකයක්

    පෙබරවාරි 12, 2020

    විවිධ වංචා දූෂණ රැසක් සිදුවන ක්‍රීඩා ක්ෂේත්‍රයේ එම වැරදි නිවැරදි කර ගැනීම සඳහා මෙතෙක් කලක් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවූ අතර එම අඩුව සපුරාලමින් 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත බලාත්මක කිරීමට හැකි වූ බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා පැවසීය.

    දකුණු ආසියානු රටවල් අතුරින් ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත බලාත්මක කළ පළමු රට ශ්‍රී ලංකාව බව සඳහන් කල අමාත්‍යංශ ලේකම්වරයා මෙය ක්‍රීඩා ක්ෂේත්‍රයේ අප ලැබූ ජයග්‍රහණයක් බවත් සඳහන් කළේය. ඒ මහතා මේ බව පැවසුවේ 2019 අංක 24 දරන ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ පිහිටු වූ විශේෂ පොලිස් විමර්ෂණ ඒකකය විවෘත කිරීම සඳහා (11) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති උත්සවයට එක්වෙමිණි.

    අභිනවයෙන් පිහිට වූ මෙම ඒකකයේ අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.ඒ.ජගත් ෆොන්සේකා මහතාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස පොලිස් අධිකාරී එස්.එම්.ජේ සමරනායක මහතාත් කටයුතු කරනු ලැබේ.තවද මෙම ඒකකයේ කටයුතු වඩාත් විධිමත් පරිදි සිදු කිරීම සඳහා පොලිස් දෙපාරත්මේන්තුවේ නිලධාරින් පිරිසක්ද සේවයේ යෝදවා ඇත.

     

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් සමාජ සාධාරණත්වය සුරකින, දූෂණයෙන් වංචාවෙන් තොර සමාජයක් ගොඩ නැගීම සඳහා මෙම විශේෂ පොලිස් විමර්ෂණ ඒකකය කටයුතු කරන බව සඳහන් කල ලේකම්වරයා මෙම පනත යටතේ මූලිකවම ක්‍රීඩාවලට එරෙහි වැරදි හතරක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කොමිසමට බලය ලැබී ඇති බවද සඳහන් කලේය.ක්‍රීඩාවල තරඟ පාවා දිම,දූෂණය,නීතිවිරෝධී මෙහෙය වීම සහ නීතිවිරෝධී ඔට්ටු ඇල්ලීම එම වැරදි වේ.මේ සම්බන්ධයෙන් තොරතුරු සපයන්නන්ගේ පූර්ණ රහස්‍ය භාවය ආරක්ෂා කරන බවද සාවද්‍ය තොරතුරු සපයන්නන්ට එරෙහිව කටයුතු කරන බවද මෙම අවස්ථාවට එක් වූ ඒකකයේ අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.ඒ.ජගත් ෆොන්සේකා මහතා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya