අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙ‍ල අවසන්

    අගෝස්තු 04, 2014

    20 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පසුගිය ඉරිදා රාත්‍රි‍යේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවර හැම්ඩන් පාර්ක් හිදී පැවති උත්කර්ෂවත් සමාප්ති උත්සවයකින් සාර්ථකව අවසන් විය.

     

    රටවල් 71ක මලල ක්‍රීඩකක්‍රීඩිකාවන් 6500කගේ සහභාගීත්වයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙ‍ල දින 11ක් පුරා පැවැත්විණි. පසුගිය ජූලි 23 ක්‍රීඩා උළෙ‍ල ඇරඹිණි.


    රන් පදක්කම් 58ක්, රිදී 59ක් සහ ලෝකඩ 57ක් සමගින් මුළු පදක්කම් 174ක් දිනාගනිමින් එංගලන්තය 20 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙ‍ලේ පෙරමුණ ගන්නා ලදී.

     

    රන් 49ක්, රිදී 42ක් සහ ලෝකඩ පදක්කම් 46ක් සමඟ සමස්ත පදක්කම් සංඛ්‍යාව 137ක් හිමි කරගත් ඕස්ටේ‍්‍රලියාව මෙහි දෙවෙනි තැන ලබා ගත්තේය. රන් පදක්කම් 32ක්, රිදී 16ක් සහ ලෝකඩ 34ක් සමඟ මුළු පදක්කම් 82ක් හිමිකර ගත් කැනඩාව තුන්වන ස්ථානයේ රැඳී සිටින අතර ස්කොට්ලන්තයට හිමි වූයේ හතරවන ස්ථානයයි.


    අසල්වැසි ඉන්දියාව රන් 15ක්, රිදී 30ක් සහ ලෝකඩ පදක්කම් 19ක් සමඟ සමස්ත පදක්කම් සංඛ්‍යාව 64ක් දිනාගනිමින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙ‍ලේ පස් වැනි තැන ලබා ගෙන ඇත.

     

    රිදී පදක්කමක් පමණක් හිමිකර ගත් ශ‍්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ රටවල් 71ක් අතරින් 29 වන ස්ථානය හිමිකර ගනු ලැබීය. රිදී පදක්කම හිමිකර ගත්තේ කිලෝ ග්රෑම් 62 පංතියේ බර එසවීමේ ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ සුදේශ් පීරිස් විසිනි. 2010 දිල්ලි නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදීද කිලෝ ග්රෑම් 62 පංතියේ බර එසවීමේ ඉසව්ව නියෝජනය කරමින් සුදේශ් පීරිස් ලෝකඩ පදක්කමක් දිනා ගන්නා ලදී. ඒ අනුව මෙම ඉසව්ව සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලවලදී බහු පදක්කම්ලාභී සිවු වැනි ක්‍රීඩකයා පීරිස් වේ.


    පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ග්ලාස්ගොව්, ඉබ්රොක්ස් ක්‍රීඩාංගණයේ පැවැති සත් සාමාජික රගර් තරගයේ දී "ෂීල්ඩ්" ශූරතාව දිනාගැනීමටද ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ සමත්වුහ.
     

    දින 11ක් පුරා පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ශිල්පීන් රැසකගේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් හා ගිනිකෙළි සංදර්ශනයකින් අතිඋත්කර්ෂවත් අයුරින් සමාප්තිය සටහන් කෙරිණ.

     

    SDF

    ceremony 2ceremony 1ceremony 3ceremony 5ceremony 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya