අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

    අගෝස්තු 04, 2014

    මිස්බා-උල් හක්ගේ නායකත්වයෙන් යුතු පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකක් හා එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියක් සඳහා පසුගිය සෙනසුරාදා දිවයිනට පැමිණියහ.

     

    මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩක මහේල ජයවර්ධන‍ගේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියද වේ.

     

    පකිස්තානු කණ්ඩායම මෙවර තරගාවලියෙන් දිනවන්න නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළ පෙළ පිතිකරුවෙකු වන මහේල ජයවර්ධන ලකුණු රැස් කිරීම වැළක්විය යුතු බවත් තමා පෞද්ගලිකවම ඔහුගේ පිතිහරඹය අගය කරතත් මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීම තම පිලට ඉතාමත් වැදගත් බැවින් ලංකා පිලේ ජ්‍යේෂ්ඨ පිතිකරුවන්ට ලකුණු රැස් කිරීමට ඉඩ දිය නොහැකි බවත් පකිස්තානු කණ්ඩායම් නායක මිස්බා-උල් හක්, කරච්චි නුවරින් ලංකාව බලා පිටත් වූ  අවස්ථාවේ මාධ්‍ය අමතා පවසා තිබේ.

     

    ශ්‍රී ලංකා-පකිස්තානු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අගෝස්තු 06 වෙනිදා ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතව ඇත.

     

    ඉදිරි තරග පැවැත්වෙන දින හා ක්‍රීඩාංගණ පහත දැක්වේ.

     

    අගෝස්තු 06-10      පළමු ටෙස්ට් තරගය; ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

    අගෝස්තු 14-18      දෙවන ටෙස්ට් තරගය; කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය

     

    අගෝස්තු 23     පළමු එක්දින තරගය; හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය

     

    අගෝස්තු 27     දෙවන එක්දින තරගය; කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය


    අගෝස්තු 30     තෙවන එක්දින තරගය; දඹුල්ල රංගිරි දඹුළු ක්‍රීඩාංගණය

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya