අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔලිම්පික් දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා ජාතික හොකී සංගමය විසින් පා ගමනක් සංවිධානය කරයි

    ජූනි 20, 2019

    ජූනි  23 වන දාට යෙදී තිබෙන ඔලිම්පික් දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා ජාතික හොකී සංගමය විසින් පා ගමනක් සංවිධානය කර තිබේ.

    පාසල් ළමුන් අතර හොකී ක්‍රීඩාව ජනප්‍රිය කරවමින් අපේ රටේ හොකී ක්‍රීඩාව ජාත්‍යන්තරයට රැගෙන යාම මෙහි අරමුණ බව ශ්‍රී ලංකා හොකී සංගමයේ ලේකම් ජාතික, ඔලිම්පික් කමිටුවේ උප සභාපති, සුමිත් එදිරිසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(19) ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.


    ජූනි 22 වන දින උදෑසන 8.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිටින් ඇරඹෙන මෙම පා ගමන නිදහස් චතුරස්‍රය හරහා ඇස්ට්‍රෝ ටර්ෆ් දක්වා ගමන් කිරිමට නියමිතය. පා ගමන අතරතුර හොකී ක්‍රීඩාවට අදාළ විවිධ ප්‍රදර්ශන ඉසව් සංවිධානය කර තිබේ.

     


    දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් පාසල් 15ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් , නිලධාරීන් සහ ගුරුවරුන් මෙම පාගමනට සහභාගී වීමට නියමිතය. දැනට දිවයිනේ පාසල් 125ක හොකී ක්‍රීඩා කෙරෙන අතර පාසල් ළමුන් අතර හොකී ක්‍රීඩාව ජනප්‍රිය කරවීමට හා හැකිතාක් පිරිස හොකී ක්‍රීඩාව සඳහා සම්බන්ධ කර ගැනීමට සංගමයේ අරමුණ බව සංගමයේ ලේකම්වරයා පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා පැවසුවේ හොකී ක්‍රීඩාවේ උන්නතිය උදෙසා මේ වන විටත් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවයි. දැනට ඇති කෘතිම හොකී ක්‍රීඩාංගණ දෙකෙන් එකක් වන මාතලේ හොකී ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු යුධ හමුදාවේ දායකත්වය ඇතිව කරගෙන යන බවත් ඉදිරියේදී ජාත්‍යන්තර හොකී සංගමයේ ආධාර ඇතිව කොළඹ සහ මාතලේ ඇති ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


    තවද එළඹෙන කණ්ෂ්ඨ කාන්තා හොකී ශුරතාවලිය සඳහා ක්‍රීඩිකාවන් 55 දෙනෙකු මේ වන විට තෝරා ගෙන ඇති බවත් ඉදිරියේදී ජාත්‍යන්තර පුහුණු කරුවන් යොදා ගෙන ඔවුන්ගේ පුහුණු කිරීම් කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් සුමිත් එදිරිසිංහ මහතා කීය.

    ඔලිම්පික් දිනයට සමගාමීව ලෝකය පුරා රටවල් 50කට අධික සංඛ්‍යාවක හොකී පා ගමන පවත්වනු ලබන අතර මාස කිහිපයකට පෙර රටේ ඇති වූ ආරක්ෂක තත්වය හේතුවෙන් දෙමාපියන්ට ඇති වූ බිය සැක දුරු කර ක්‍රීඩාව සඳහා ළමයින් යොමු කරවීමට සහ ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට මෙය හොඳ අවස්ථාවක් වනු ඇති බවද එදිරිසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය .පසුගිය වසරේ ඔලිම්පික් දින පා ගමන සඳහා සම්මානය දිනා ගනු ලැබුවේ ඉන්දියාවයි.

    ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපති පී.විශ්වනාදන් මහතා ඇතුළු ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya