අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹේ

    මැයි 30, 2019

    12 වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (30) දා ආරම්භ වේ. සමාරම්භක තරඟයට එංගලන්තය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම පිවිසෙයි. සති හයක් පුරා තරඟාවලිය ක්‍රියාත්මක වේ.

    2019 ලෝක කුසලානයේ ශ්‍රි ලංකාව සහභාගි වන පළමු තරගය ලබන 01 කාඩිෆ් හි පිහිටි සොපියා ගාර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහිදි ශ්‍රි ලංකාවට ප්‍රතිවාදීන්වන්නේ නවසිලන්ත කණ්ඩායමයි.

    ශ්‍රී ලංකාව සමඟ එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, ඇෆ්ගනිස්තානය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව්වන් යන රටවල් දහසක් මෙවර ලෝක කුසලානය වෙනුවෙන් තරඟ වදියි. තරගාවලියේ සමස්ත තරඟ සංඛ්‍යාව 48 කි.

    තරගාවලියේ ශුරතාව දිනා ගන්නා කණ්ඩායම ඇමරිකානු ඩොලර් 4,000,000 ක්ද අනුශුරතාව දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 2,000,000 ක්ද හිමිවේ. අවසන් පුර්ව වටයට පිවිසෙන කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 800,000 ක්ද පළමු වටයේ තරග ජයගන්නා කණ්ඩායමකට ඇමරිකානු ඩොලර් 40,000 බැගින් හිමි වන අතර තරගාවලියේ සහභාගීත්වය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 100,000 ක් හිමිවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya