අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    MH 17 යානයේ ගමන් ගත් මගීන්ගේ මළසිරුරු 219ක් සොයා ගනී

    ජූලි 21, 2014

    මිසයිල් ප්‍රහාරයක් නිසා යුක්රේනයට කඩා වැටුණු බව පැවසෙන මැලේසියානු ගුවන් සේවයට අයත් MH 17 ගුවන් යානයේ ගමන් කළ මගීන් 219 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇතැයි යුක්රේන රජය පවසා ඇති බව අද (21) විදෙස් වාර්තා පවසයි.


    ඊට අමතරව තවත් 28 දෙනෙකුගේ මළ සිරුරුවල කොටස් හඳුනාගෙන ඇත. යානයේ ගමන් කළ තවත් 51 දෙනෙකුගේ සිරුරු ගැන තොරතුරු අනාවරණය වී නැත. යානය අනතුරට ලක්වන විට එහි 298 දෙනෙක් ගමන් කරමින් සිටියහ.


    නැඟෙනහිර යුක්රේනයේ යානය කඩා වැටුණු ප්‍රදේශයට යු‍රෝපයේ නිරීක්ෂණ කණ්ඩායමට පැමිණීමට යුක්රේන් බෙදුම්වාදීන් අවසර ලබා දී ඇතැයි ද වාර්තා වේ.


    දැනට සොයා ගෙන ඇති මළසිරුරු යානය කඩා වැටී ඇති ප්‍රදේශයට නුදුරින් පිහිටි ටොරේස් (Torez) නුවර අධි ශීතකරණ සහිත දුම්රිය මැදිරි තුනක තැන්පත් කර ඇති බව ද වාර්තා වේ. යුක්රේන රජයේ පාලනයට අයත් කාර්කිව් (Kharkiv) නගරයට මේ මළ සිරුරු ප්‍රවාහනය කිරීමට බොහෝදුරට ඉඩ තිබේ.


    බටහිර රටවල් මෙම අනතුර පාදක කර ගනිමින් රුසියාවට එරෙහිව ප්‍රචාරක යුද්ධයක් ආරම්භ කර ඇතැයි රුසියානු බලධාරීන් චෝදනා එල්ල කර තිබේ.


    HC

    MH 17 bodies recoverd

    refrigerated train loaded with the bodies of mh 17

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya