මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් අරාබි එමීර් රාජ්‍ය කුකුළු මස් හා බිත්තර තහනම ඉවත් කරයි

    ජූලි 11, 2014
    වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ආරාබි එමීර් රාජ්‍යය වෙත කුකුළු මස් හා බිත්තර අපනයනයට ශ්‍රී ලංකාවට පනවා තිබූ තහනම ඉවත් කොට ඇත. 
     
    එමීර් රාජ්‍ය මීට පෙර ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල පැවැති කුරුලු උණ අවදානම හේතුවෙන් කුකුළු මස් හා බිත්තර අපනයනය සම්බන්ධයෙන් තහනමක් පනවා තිබුණි.
     
    ශ්‍රී ලංකාව කුරුලු උණ රහිත රටක් වන බැවින් එකී තහනම ඉවත් කරන මෙන් ශ්‍රී ලංකාව එමීර් රාජ්‍යයේ ජල හා පරිසර අමාත්‍යංශයේ සත්ත්ව හා කෘෂිකාර්මික කටයුතු අංශය වෙත ඉල්ලීමක් කළේය. ඒ සම්බන්ධයෙන් විර්මශනය කිරීමෙන් අනතුරුව මෙම තහනම ඉවත් කිරීමට එරට තීරණය කොට ඇත. 
     
    මෙම තහනම ඉවත් කළ ද හලාල් සහතික නිකුත් කරන ආයතනවල අවශ්‍යතා ඉටු කිරීම, ඉස්ලාමීය නීතිවලට අනුකූලව සත්ත්ව ඝාතනය සිදු කිරීම හා සත්ත්ව නිෂ්පාදනාගාර හා එකී සේවක පිරිස් පිළිබඳ සනීපාරක්ෂක රෙගුලාසි ආදී අවශ්‍යතා සපුරාලිය යුතු වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya