අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාත් ක‍්‍රීඩා උළෙල අද සහ හෙට

    නොවැම්බර් 21, 2015

    බස්නාහිර පළාත් ක‍්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන බස්නාහිර පළාත් ක‍්‍රීඩා උළෙල අද සහ හෙට (21, 22) දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

    ජවන හා පිටිය ක‍්‍රීඩා ඉසව් ඇතුළත් මෙම තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ. සී. ලෝගේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බස්නාහිර පළාත් ප‍්‍රධාන ඇමැති ඉසුරු දේවප‍්‍රිය, බස්නාහිර පළාත් ක‍්‍රීඩා ඇමැති රංජිත් සෝමවංශ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් හෙට පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිතය.

     

    අද (21) පැවැත්වෙන තරග

    මීටර 10000 (පිරිමි,කාන්තා) මීටර 100 කඩුලූ පැන දිවීම (කාන්තා), මීටර 110 කඩුලූ පැන දිවීම (පිරිමි), මීටර 400 කඩුලූ පැන දිවීම (පිරිමි, කාන්තා), මීටර 400 කඩුලූ පැන දිවීම (පිරිමි, කාන්තා),  මීටර 800 (පිරිමි, කාන්තා), මීටර 200 රිටි පැනීම (පිරිමි, කාන්තා),  මිටිය විසි කිරීම (පිරිමි, කාන්තා),  හෙල්ල විසි කිරීම (පිරිමි,කාන්තා),  තුන්පිම්ම (පිරිමි, කාන්තා),  දුර පැනීම (පිරිමි, කාන්තා),  උස පැනීම (පිරිමි, කාන්තා)


    හෙට (22) පැවැත්වෙන තරග

    මීටර 5000 (පිරිමි,කාන්තා), මීටර 100 (පිරිමි,කාන්තා), මීටර 400 (පිරිමි,කාන්තා), මීටර 400×4 සහය දිවීම, මීටර 1500 (පිරිමි,කාන්තා), මීටර 100×4 සහය දිවීම, යගුලිය දැමීම (පිරිමි, කාන්තා), කවපෙත්ත විසිකිරීම (පිරිමි, කාන්තා) සහ වයස 16 න් පහළ බාලක හා බාලිකා සියලූ තරග ඉසව්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya