අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු ශූරතාවලියට පුහුණුවීම් ඇරඹේ

    නොවැම්බර් 22, 2015

    ලබන වසරේ ජුලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 7 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වීමට නියමිත දහවැනි ආසියානු ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලිය සඳහා ශී‍්‍ර ලංක කණ්ඩායමේ පුහුණුවීම් දැනටමත් ආරම්භ කර තිබේ.

    දිස්ත‍්‍රික් තරග ඔස්සේ දස්කම් පෑ ක‍්‍රීඩිකාවෝ 60 දෙනකුගෙන් සමන්විත සංචිතයක් මෙම තරගාවලිය ඉලක්ක කරමින් මේ දිනවල පුහුණුවීම්වල නිරතව සිටී. ශී‍්‍ර ලංකා සංචිතය සඳහා ඉන් 30 දෙනකු තෝරා ගැනීමට නියමිත අතර ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සහ දැල්පන්දු සංගමයේ නිලධාරීන් සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කර තිබේ.

     

    සිංගප්පුරුව, ශ‍්‍රී ලංකාව, හොංකොං, ඉන්දියාව, ජපානය, වියට්නාමය, මැලේසියාව, බෲනායි, චීනතායිපේ සහ මියන්මාරය යන රටවල් 10 ක් ලබන වසරේදීත් තරගාවලියට ඉදිරිපත් වීමට සූදානමින් සිටී. 1985 වසරේදී ආසියානු තරගාවලියට එක්වු ශ‍්‍රී ලංකාව 1989, 1997, 2001 සහ 2009 වසරවලදී ශූරතා දිනා ගත්තේය.  එහිදී ශ‍්‍රී ලංකා පිල අනුශූරතාව හිමි කර ගත්තේ සත්කාරක සිංගප්පුරුව හමුවේ ලකුණු 59-41 ක පරාජයක් ලබමිනි. එම ආසියානු ශූරතාවලියේ අනුශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා පිල  ඕස්ටේ‍්‍රලියාවේ සිඩ්නි නුවර පැවැති ලෝක දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය.

     

    ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරාගත් ශී‍්‍ර ලංකා පුහුණුකාරිනියගේ සේවා කාලය මේ වසරේ දෙසැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය. ශී‍්‍ර ලංකා පිලේ මීළග පුහුණුකාරිනිය ඉදිරියේදී පත්කිරීමට නියමිත බව ශ‍්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපතිනී යසා රාමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya