අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 ආසියානු ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලිය තායිලන්තයේ දී

    නොවැම්බර් 21, 2015

    දහවැනි ආසියානු ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලිය ලබන වසරේ ජුලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 7 වැනිදා දක්වා තායිලන්තයේ දී පැවැත්වීමට නියමිතය. අන්තර්ජාතික දැල්පන්දු සම්මේලනයේ අධීක්‍ෂණය යටතේ ආසියානු දැල්පන්දු සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන ලබයි.

    සිංගප්පුරුව, ශ‍්‍රී ලංකාව, හොංකොං, ඉන්දියාව, ජපානය, වියට්නාමය, මැලේසියාව, බෲනායි, චීනතායිපේ සහ මියන්මාරය යන රටවල් 10 ක් ලබන වසරේදීත් තරගාවලියට ඉදිරිපත් වීමට සූදානමින් සිටී.

     

    1985 වසරේදී ආසියානු තරගාවලියට එක්වු ශ‍්‍රී ලංකාව 1989, 1997, 2001 සහ 2009 වසරවලදී ශූරතා දිනා ගත්තේය. අවසන් වරට 2014 වසරේ සිංගප්පුරුවේදී පැවැති ආසියානු දැල්පන්දු තරගාවලියේ අවසන් තරගයට පැමිණිමට ශ‍්‍රී ලංකා පිල සමත්විය. එහිදී ශ‍්‍රී ලංකා පිල අනුශූරතාව හිමි කර ගත්තේ සත්කාරක සිංගප්පුරුව හමුවේ ලකුණු 59-41 ක පරාජයක් ලබමිනි.

     

    2014 ආසියානු ශූරතාවලියේ අනුශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා පිල  ඕස්ටේ‍්‍රලියාවේ සිඩ්නි නුවර පැවැති ලෝක දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya