නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා ගැටළු නිරාකරණයට විශ්‍රාමික විනිශ්චකාරවරුන්ගෙන් සමන්විත විනිශ්චය සභාවක්

    නොවැම්බර් 05, 2015

    ක්‍රීඩා, ක්‍රීඩා සංගම්, නිලවරණ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටළු හා ප්‍රශ්න අධිකරණ ක්‍රියාමාර්ගවලට නොගොස් විසදීමට හා නිරාකරණය කිරීමට විශ්‍රාමික විනිශ්චකාරවරුන්ගෙන් සමන්විත විනිශ්චය සභාවක් පත් කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටියේය.

    ශ්‍රී ලංකා රග්බි කාන්තා ජාතික කණ්ඩායම සඳහා SAGT ආයතනය මගින් ඉදිරි වසර සඳහා අනුග්‍රහය ලබා දීම වෙනුවෙන් ඊයේ (04) කොළඹ CR & FC හිදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    තවද ක්‍රීඩා සංගම් නිලවරණවලදී ඇති වන ගැටළු හා අර්බුද සදහා දේශපාලන මැදිහත්වීමක් නොමැතිව ඉදිරියේදී විසදා ගැනීමට ඒ ඒ සංගම් තුලම ස්වාධීන කමිටුවක් පත්කර ඒ කමිටුවේ අධීක්ෂණය හා නිර්දේශ මත නිළවරණ පැවැත්වීමට ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

     

    ඉදිරියේදී සියළුම ක්‍රීඩා සංගම්වල මූල්‍ය වාර්තා රජයේ විගණනාධිපතිවරයා විසින් අධීක්ෂණය කළ හැකි පරිදි කටයුතු සකස් කර විනිවිද භාවයකින් යුතුව සියලුම මුල්‍ය කටයුතු සිදුකරන බව ද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya