අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැරියන් පැහැරගත් බොකෝ හරාම් කල්ලියට එරෙහිව මහජනතාව අවි ගනී

    මැයි 15, 2014

    නයිජීරියාවේ ‘බොකෝ හරාම්’ ඉස්ලාමීය සන්නද්ධ සංවිධානයේ කැරලිකරුවන් විසින් පැහැරගෙන ගොස් සිටින දෙසීයකට වැඩි පාසල් දැරියන් නිදහස් නොකිරීම ගැන කෝපයට පත් මහජනතාව සන්නද්ධ කණ්ඩායමේ පිරිසකට පහරදී ඝාතනය කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.


    මෙම පාසල් දැරියන් නිදහස් කර ගැනීමට සාකච්ඡා පැවැත්වීම සඳහා ‘බොකෝ හරාම්’ නියෝජිතයන් පිරිසක් එවන ලෙස නයිජීරියා රජය එම කැරලිකරුවන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත. මෙම දැරියන් පැහැර ගෙන දැනට මාසයක පමණ කාලයක් ගත වී තිබේ.


    මේ සිද්ධියෙන් කම්පනයට පත් ව සිටින බෝර්නෝ හි කලබල්ගේ දිස්ත්‍රික්කයේ මහජනතාව  ‘බොකෝ හරාම්’ සන්නද්ධ කණ්ඩායමට එරෙහිව ප්‍රහාරයක් සිදු කර එහි සාමාජිකයන් 200ක් පමණ ඝාතනය කර ඇතැයි ද ඇතැම් වාර්තාවලින් පැවසේ.


    නයිජීරියාවේ ඊශාන දිග කලාපයේ හදිසි තත්ත්වයක් මීට වසරකට පමණ පෙර සිට ප්‍රකාශයට පත්කර ඇති අතර හදිසි නීතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් නයිජීරියානු පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙන බව ද බෝර්නෝ, යෝබේ සහ අදමවා ප්‍රාන්තයන්හි හදිසිනීතිය දිර්ඝකරන ලෙස ජනාධිපති ජොනතන් ගුඩ්ලක් මහතා ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya