අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෙන්ට් පිල සමඟ තරගය හෙට කැන්ටබරිහි දී

    මැයි 15, 2014

    එංගලන්ත සහ අයර්ලන්ත ක්‍රිකට් සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහ කෙන්ට් ක්‍රිකට් කණ්ඩායම අතර පන්දුවාර 50 එක්දින තරගය හෙට (16) කැන්ටබරිහි ශාන්ත ලෝරන්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.


    පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත එසෙක්ස් ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තරගයේ ජයග්‍රහණය ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට එසෙක්ස් පිලට හිමිවිය. එසෙක්ස් ක්‍රීඩක බෙන් ෆෝක්ස් පන්දු 31ක දී ලබාගත් වේගවත් ලකුණු පනහ එසෙක්ස් කණ්ඩායමේ ජයග්‍රහණයට හේතු විය.


    එංගලන්තයේ චෙල්ම්ස්ෆෝර්ඩ්හි කවුන්ටි ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණු එම තරගය පන්දුවාර 21කට සීමා කෙරිණි.


    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර පන්දුට පහරදුන් එසෙක්ස් පිල සිය පන්දුවාර 25 නිමාවන විට කඩුලු 5ක් දැවී ලකුණු 161ක් ලබා ගෙන තිබිණි. බෙන් ෆෝක්ස් පන්දු 31ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමඟ ලකුණු 51යි. ඇලෙස්ටයාර් කුක් පන්දු 49ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමඟ ලකුණු 71යි. සුරංග ලක්මාල් සහ ධම්මික ප්‍රසාද් කඩුලු 2 බැගින් ලබා ගත්හ.


    අනතුරුව ලකුණු 162ක ජයග්‍රාහී ඉලක්කයක් සපුරා ගැනීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 21කදී  ලබාගත හැකි වූයේ ලකුණු 146ක් පමණි. ඒ වනවිට පිතිකරුවන් 9 දෙනෙකු දැවී ගොස් තිබුණි. දිනේෂ් චන්දිමාල් පන්දු 25ක දී හයේ පහර 2ක් සමඟ ලකුණු 31යි. ඩිල්ශාන් තිලකරත්න පන්දු 20කදී හතරේ පහර 3 සමඟ ලකුණු 22යි. චතුරංග ද සිල්වා පන්දු 15ක දී හයේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 20යි.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya