මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු කොරියාවේ ‘මර්ස්‘ රෝගී මරණ සංඛ්‍යාව 16 දක්වා ඉහළට

    ජූනි 16, 2015

    දකුණු කොරියාවේ ශීඝ්‍රෙයන් පැතිර යන ‘මර්ස්‘ ශ්වසන රෝගයෙන් මේ වනවිට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 16ක් බව බීබීසී පුවත්සේවය වාර්තා කරයි.

     

    මැද පෙරදිග රටවලින් පිටත මර්ස් රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර දකුණු කොරියාවේ තවත් නව මර්ස් රෝගීන් 05ක් වාර්තා වී ඇති බව නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

     

    නිලධාරීන් පවසන පරිදි දකුණු කොරියාවේ මර්ස් වෛරසය වැළඳී ඇති සංඛ්‍යාව 150 ඉක්මවන බවයි.

     

    මේ අතර, ස්ලෝවැකියාවේ දී රෝගී වූ දකුණු කොරියානු පුද්ගලයෙකු මර්ස් වෛරසය සඳහා පරීක්ෂාවට ලක් කර ඇති අතර ප්‍රතිඵලය සෘණාත්මක වී ඇති නමුත් තව දුරටත් පරීක්ෂා කිරීම සඳහා නිරෝධායන තුළ රඳවා ගෙන සිටියි.

     

    මර්ස් වෛරසය හේතුවෙන් මේ වන විට දකුණු කොරියාවේ මරණ රැසක් සිදු වී ඇති අතර මෙම වෛරසයෙන් ආසාදනය වන දහදෙනෙකුගෙන් තුනක් හෝ හතරක් අනිවාර්යයෙන් මරණයට පත්වේ.
     
    මෙහි රෝගී ලක්ෂණ වන්නේ විශේෂයෙන් කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව, උණ මෙන්ම සමහර රෝගීන්ට පාචනය, වමනය හා ඔක්කාරය වැනි රෝගී තත්ත්වයන්ය. මෙම වෛරසය ආසාදනයවීමෙන් බොහෝ විට මරණයට පත්වන්නේ නියුමෝනියාව වැළඳීමෙනි. අවදානම් සහිත කණ්ඩායම් ලෙස සලකනු ලබන්නේ දීර්ඝ කාලයක් පවතින දියවැඩියාව, පෙනහළු රෝග, වකුගඩු රෝගවලින් පෙළන අය සහ ගැබිනි මවුවරුන්ය.

     

    මෙම මාරාන්තික වෛරසය ශ‍්‍රී ලංකාවට ඇතුළුවීම වැලැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කර ඇත. ඒ අනුව, අද (16) සිට දකුණු කොරියාවෙන් පැමිණෙන සියලු ම ගුවන්යානාවල මගීන් කටුනායක ගුවන්තොටුපළේ ඇති සෞඛ්‍ය ඒකකයේදී පූර්ව පරීක්ෂාවකට ලක් කිරීමට කටයුතු කරනු ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya