මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාලයේ සංචාරක ස්ථාන යළි විවෘත කෙරේ

    ජූනි 16, 2015

    යුනෙස්කෝ සංස්කෘතික අරමුදල විසින් ලෝක උරුම ලෙස නම් කර ඇති ස්ථාන හතෙන් හයක් සංචාරකයන් සඳහා විවෘත කර ඇති බව නේපාලයේ සංචාරක අමාත්‍ය Kripasur Sherpa ප්‍රකාශ කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

     

    පසුගිය අප්‍රේල් මාසයේ දරුණු භූමි කම්පා දෙකකින් බැට කෑ නේපාලය එහි පැමිණෙන සංචාරකයන්ට ලෝක උරුමයන් නැරඹීමට අත්හිටුවන ලදී. ඒ එම ස්ථානවලට ද හානි සිදුව තිබීමත් සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳව තිබූ ගැටලුකාරී තත්වයත් නිසා ය.

     

    භූමි කම්පාවන් හේතුවෙන් කත්මණ්ඩු නුවර ඓතිහාසික ‘Durbar චතුරශ්‍රය‘ හෙවත් ‘නොබෙල් කෝට්‘ වැනි සුප්‍රසිද්ධ සංචාරක ස්ථානවලට තදබල හානි සිදු වී තිබුණි.

     

    ප්‍රතිසංස්කරණ කටයුතු හරහා ආපදාවට පත් ප්‍රදේශ පිළිසකර කර ඇති බැවින් සංචාරකයන්ට ආපදාවකින් තොරව ලෝක උරුමයන් නැරඹීමට හැකියාව ඇති බව නේපාලයේ  නිලධාරීන් පවසා ඇත.

     

    එම භූමි කම්පාවලින් නේපාලයේ 9,000ක් පමණ මරුමුවට පත් වූ අතර ඓතිහාසික සිද්ධස්ථාන ඇතුළු ගොඩනැගිලි දසදහස් ගණනක් විනාශයට පත් විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya