මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු ශූරතා තරගාවලියේ දී නාවික හමුදාවේ සදීප්ට ලෝකඩ පදක්කමක්

    ජූනි 11, 2015
    ජපානයේ පැවති 49 වැනි ආසියානු ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ සදීප් ප්‍රසන්න ආසියානු කායවර්ධන තරගයේ කි. ග්‍රෑ. 55 අංශයේ තුන්වන ස්ථානය දිනා ගනිමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය. 
     
    මෙම තරගයේ දී කි.ග්‍රෑ. 60 අංශයෙන් 4 වන ස්ථානය දිනාගත් නාවික හමුදාවේ බී. ඩී. සි. ඩයස් හා කි. ග්‍රෑ. 65 අංශයට සහභාගි වූ සුභාෂ් සිරිවර්ධන ද සමග සදීප් මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළේය.
     
    එසේම සදීප් පසුගිය වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ පැවති 48 වැනි ආසියානු ශූරතා තරගාවලියට සහභාගීවී මෙම අංශයෙන් ම දෙවන ස්ථානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවට එම ඉසව්වේ රිදී පදක්කම දිනා දීමට සමත්විය. මෙම වර්ෂයේ දී පදක්කමක් දිනා ගැනීමට තරම් සුභාෂ් සිරිවර්ධන වාසනාවන්ත නොවූව ද පසුගිය වසරේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවට ගෞරවයක් ගෙන දෙමින් එම ඉසව්ව සඳහා මෙම තරගාවලියේ දී රන් පදක්කමක් දිනා දීමට සමත්විය.
     
    මෙම 49 වන ආසියානු ශූරතා තරගාවලිය  පසුගිය දා රටවල් 17ක සහභාගිත්වයෙන් ජපානයේ දී පවත්වනු ලැබිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya