නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගැබිණි මව්වරුන්ගේ පෝෂණ දීමනාව 21සිට

    මාර්තු 06, 2015
    වත්මන් රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ යෝජනා කළ පරිදි ගර්භනී මව්වරුන් සඳහා රුපියල් 20,000ක පෝෂණ ආහාර දීමනාව ලබාදීමේ වැඩසටහන ලබන 21දා ආරම්භ කෙරේ.
     
    මෙම වැඩසටහන "නීරෝගී මාතා" යනුවෙන් නම් කොට ඇත.
     
    ඒ අනුව ගර්භනී සමයේ අවසන් මාස 06 සහ දරුවා උපන් පසු එළඹෙන පළමු මාස 04ද ඇතුළත් ව මාස 10ක කාලයක් පුරා රුපියල් 2000බැගින් වූ වාරික 10ක් වශයෙන් මේ යටතේ පෝෂදායි ආහාර ලබාදෙනු ඇත.
     
    ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය ලේකම්වරු විසින් මාතෘ සායනවල සේවය කරන වෛද්‍යවරු සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සහාය ඇති ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya