ශ්රී ලංකා නිදහස් පක්ෂ මැයි දින කමිටුවේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති අතර මැයි පෙළපාළියක් පැවැත්වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කොට නොමැත.
ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මැයි දින කමිටුව සඳහා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ජනක බණ්ඩාර තෙන්නකෝන්, එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ , වෘත්තීය සමිති අනුබද්ධ කමිටුවල සභාපති පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවීර, එහි ලේකම් ලෙස්ලි දේවේන්ද්ර හා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන දුමින්ද දිසානායක, කුමාර වෙල්ගම, ජගත් පුෂ්ප කුමාර, ලසන්ත අලිගියවන්න, ශාන්ත බණ්ඩාර මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
DB