නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික්කයෙන් දින 100ට වැඩ 100ක්

    මාර්තු 04, 2015

    රජයේ දින 100 වැඩසටහන යටතේ සිදුකරනු ලබන කාර්යයන් 100ක් පිළිබදව මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම ඊයේ (03) මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.ගාමිණි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    මෙහිදී වත්මන් රජය විසින් දින 100ක් ඇතුළත ක්‍රියාවට නංවන ක්ෂණික සහන වැඩසටහනට අදාල කරුණු 100ක් පිළිබදව සාකච්ඡාවට ලක් කළේය. මෙහිදී රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉදිරිපත් කළ ගැටළුවලට විසදුම් ලබා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා දින 100 වැඩසටහන සදහා සාර්ථක ආරම්භයක් ලබාගෙන තිබීම පිළිබඳව සතුටුවන බවත් ඉදිරියේදී මේ වැඩසටහන පිළිබදව ප්‍රගති සමාලෝචනයක් සිදු කරන බවත් පැවසීය.

     

    මධ්‍යම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.බී.පෙරමුණේ, දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, විවිධ සංස්ථා, දෙපාර්තමේන්තු, අධිකාරි හා රාජ්‍ය බැංකු නියෝජනය කරමින් දිස්ත්‍රික් ප්‍රධානීන් ඇතුළු නිළධාරින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

    MAP/TA_dmu_kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya