ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මගපෙන්වීමෙන් සහ මූලිකත්වයෙන් මෙම වැඩසටහන් මාලාව අදියර කිහිපයකින් සිදුකිරීමට නියමිතයි. ඒ අනුව ඇල්පිටිය කරුවලතොට ප්‍රජා ශාලාව, හොරගොල්ල ප්‍රජා ශාලාව, දියකිතුල් කන්ද සමිති ශාලාව යන ස්ථාන තුනකදී රුපියල් මිලියන 1.2කට ආසන්න මුදලක චෙක්පත් සහනාධාර අමාත්‍යවරයා විසින් බෙදා දෙන ලදී.
පසුගිය රජය සමයේදී කුඩා තේ වතු හිමියන්ට ආධාර දීමේදී සිදු වී ඇති අක්‍රමිකතා සහ අඩුපාඩු සොයාබලා ඉතා ක්‍රමවත්ව සහ සාධාරණ ලෙස මෙම ආධාර බෙදා දීම මෙහි මූලකම අභිලාෂය වේ. මෙම වැඩසටහන් මාලාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි. සහන බෙදා දීමේදී සිදු වූ අසාධාරණයන් ගැන ජනතාව මෙහිදී ඇමතිවරයා හමුවේ ප්‍රකශ කළ අතර එහිදී මෙම වැඩසටහන ඉදිරියේදී තමාගේ මූලිකත්වයෙන් සිදුවන බැවින් සියලු ම අසාධාරණයට ලක්වූ තේ වතු හිමියන්ට කඩිනමින් සාධාරණය ඉටුකිරීමටත් අමාත්‍යවරයා පොරොන්දු වූ අතර එම අවස්ථාවේ ම අදාළ ප්‍රාදේශීය කළමනාකාරවරයා මේ ගැන සොයා බලා වාර්තා කිරීමට උපදෙස් ලබාදීමට ද කටයුතු කළේය.
NDH