ඉන්දීය බැතිමතුන් 4000ක් ඇතුළුව බැතිමතුන් 8000කට අධික පිරිසක් මෙම මංගල්‍යයට සහභාගී වී සිටියහ.
බැතිමතුන් අතර බහුතරයක් ධීවර පවුල් වන අතර ඔවුන් යාන්ත්‍රික යාත්‍රා 110කින් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. නාවික හමුදාව විසින් කච්චතීව් දිවයින වෙත ඔවුන් රැගෙන යාම සිදු කර ඇත. නාවික හමුදාව විසින් පැමිණි සිටි දෙරටේම බැතිමතුන් වෙත සනීපාරක්ෂක, වෛද්‍ය සහ පානීය ජල පහසුකම් ඇතුළු මූලික පහසුකම් සපයන ලදී.
ගරු. ජස්ටින් ඥානප්‍රකාශ් පියතුමාගේ ප්‍රධානත්වයෙන් සහ දෙරටෙන්ම පැමිණි සිටි පූජක පිරිසගේ සහභාගීත්වයෙන් යැදුම් මෙහෙයන් පැවැත්විණි.