නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු රෝගී ප‍්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට උපකරණ

    මාර්තු 01, 2015
    ජාතික වකුගඩු රෝග මර්දන වැඩසටහන ශක්තිමත් කර වකුගඩු රෝගී ජනතාවට ලබාදෙන ප‍්‍රතිකාර සේවාවන් ගුණාත්මකව ඉහළ සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් වකුගඩු රෝගී ප‍්‍රතිකාර සේවාවන් සඳහා අවශ්‍ය භෞතික සම්පත් සංවර්ධනය කිරීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පසුගියදා කටයුතු යොදා තිබුණි. 
     
    ඒ අනුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ දී වකුගඩු රෝගීන්ගේ රුධිර පරීක්ෂණ කටයුතු සිදුකිරීමට අවශ්‍ය රුධිර කාන්දුපෙරණ යන්ත‍්‍ර 70ක් සහ වෑන් රථ 09ක් ලබාදීම සිදුවිය. 
     
    මධ්‍යම පළාත, නැගෙනහිර පළාත, උතුරු පළාත, ඌව පළාත, වයඹ පළාත සහ දකුණු පළාත ආවරණය වන පරිදි සෞඛ්‍ය ආයතන වෙත ලබාදෙන ලද මෙම රුධිර කාන්දුපෙරණ එක් යන්ත‍්‍රයක මිල රුපියල් ලක්ෂ 15ක් පමණ වේ. එමෙන්ම වකුගඩු රෝගීන් සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලය ප‍්‍රවාහනය, වකුගඩු රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම ඇතුළු අනෙකුත් වකුගඩු රෝගී ප‍්‍රතිකාර අංශයන් හි ප‍්‍රවාහන කටයුතු සඳහා ලබාදෙන ලද වෑන් රථ 09 මධ්‍යම පළාතට 01ක්, නැගෙනහිර පළාතට 02ක්, උතුරු පළාතට 02ක්, ඌව පළාතට 02ක්, වයඹ පළාතට 01ක්, දකුණ පළාතට 01ක් බැගින් ලබාන් අතර මේ එක් වෑන් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 80කි.
     
    මෙම උපකරණ ලබාදීමේ අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය  රාජ්‍ය අමාත්‍ය එම්.ඒ. හසන් අලී , දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ආචාර්ය සුජාතා සේනාරත්න යන මහත්ම මහත්මීහු ඒකව සිටියහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya