ජාතිය ගොඩනැගීම හා ප්‍රතිසන්ධානය සම්බන්ධව දකුණු අප්‍රිකාවේ අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදාගැනීමට දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සම්බන්ධතා හා සහයෝගීතාව නියෝජ්‍ය අමාත්‍යවරිය ඇතුළු දූත පිරිසක් පස් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියහ.
ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නව රජය පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි පළමු ඉහළ පෙළ රාජ්‍ය දූත පිරිසයි.
2009දී වසර 30කට අධික කාලයක් පැවති සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව ජනතාව ප්‍රතිසන්ධනානය කිරීමට කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේ අත්දැකීම් දෙසට ද අවධානය යොමු කොට තිබිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ දී අප ශ්‍රී ලංකාවට අනුරූපීව එය සිදු කරන බවත් මෙම ක්‍රියාවලිය සඳහා වෙන් වෙන් වශයෙන් අපට වගකීම් පැවරෙන බවත් විදේශ කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මෙම අවස්ථාවේ දී ප්‍රකාශ කර ඇත.
SDF