අමාත්‍යවරයා මෙම අදහස පළ කරන ලද්දේ ඊයේ (24) පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයටකට පිළිතුරු දෙමිනි.
දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පුද්ගලයන් ක්ෂණිකව අත් අඩංගුවට නොගන්නේ නිසි විමර්ශනයකින් තොරව හිතුමතේ නීතිය ක්‍රියාත්මක කිරීම වත්මන් රජයේ ක්‍රියා පිළිවෙත නොවන නිසා බව පෙන්වා දුන් අමාත්‍යවරයා සාධාරණ පරීක්ෂණ පවත්වා අනිවාර්යෙන් ම දින 100 පෙර නීතිය ක්‍රියාත්මක කරන බව පැවසීය. දූෂණ සම්බන්ධයෙන් වැරදිකරුවන් වන කිසිවෙකු ආරක්ෂා කිරීමට රජය කටයුතු නොකරන බව පැවසූ අමාත්‍යවරයා එහිදී ප්‍රබලයා දුබලයා ලෙස වෙනසක් නැති බව ද පැවසීය.
රජයේ නිලධාරීන් තම රාජකාරී කටයුතු ඉටුකිරීමේදී කාර්යක්ෂමව කටයුතු කළ යුතු බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා දක්ෂ නිලධාරීන්ට වත්මන් රජය යටතේ සෑම අවස්ථාවකම ධෛර්යය සහ ආරක්ෂාව ලැබෙන බව ද පැවසීය. වත්මන් රජය පක්ෂ බේද නොසලකන බවත් නිල්, රතු, කොළ සෑම වර්ණයක්ම නියෝජනය කරන පිරිසක් වත්මන් රජය යටතේ එක් රොක් වී සිටින බව ද ඔහු විසින් පෙන්වා දෙන ලදී.
මෙම අවස්ථාවේදී හේෂාණි බෝගොල්ලාගම මෙනවිය පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ නව සභාපතිනිය වශයෙන් ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරියේ සිය රාජකාරී කටයුතු භාර ගැනීම සිදු විය.