මෙම මාතෘ රෝහල ඇඳන් 600ක ධාරිතාවකින් සමන්විත වේ. සූතිකාගාර, ශල්‍යාගාර, ඔසුහල්, බාහිර රෝගී ප‍්‍රතිකාර අංශ, ලේ බැංකුව, රසායනාගාර පහසුකම් ඇතුළු සියලු නවීන වෛද්‍ය උපකරණවලින් ද මෙය සමන්විතයි. මෙම මාතෘ රෝහල ඉදිකිරීමෙන් පසු දකුණු පළාත ප‍්‍රමුඛ දිවයින පුරා වෙසෙන ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය වෛද්‍ය පහසුකම් මෙමගින් ලබාගත හැකිය.
ජර්මානු පුනර් නිර්මාණී බැංකුවෙන් ලැබෙන යුරෝ මිලියන 28ක ණය ආධාර ක‍්‍රමය යටතේ ඉදිකිරීමට යෝජිත මෙම අංග සම්පූර්ණ මාතෘ රෝහල් ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම සිදු කරන ලද්දේ ශී‍්‍ර ටෙක් කන්සල්ට් කොලෝන්ග් උපදේශන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තෝමස් හාබර් සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක මහත්වරුන් විසිනි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, ශී‍්‍ර ටෙක් කන්සල්ට් කොලෝන්ග් උපදේශන සමාගම නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.
NDH