වී මිළදී ගැනීමේදී සැබෑ ගොවි මහතුන් හදුනා ගැනීම සදහා මේ වන විටත් සාර්ථක ක්‍රමයක් නිර්මාණය කරමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලය ශක්තිමත් කරන බවද පැවසීය. වත්මන් රජයේ වී මිළදී ගැනීමේ වැඩසටහන යටතේ ගොවි මහතෙකුගෙන් කීරී සම්බා කිලෝව රුපියල් 50 කටත් නාඩු කිලෝව රුපියල් 45 කටත් මිළදී ගැනීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කරන බව පැවසූ අමාත්‍යවරයා මෙතෙක් විවිධ හේතු නිසා ණය වී අසරණව සිටි ගොවියාට කලකට පසුව අලුත් අවුරුද්ද සතුටින් සැමරීමට හැකි වනු ඇතැයිද පැවසීය.
වී මිළදි ගැනීමේ මිළ වැඩි කිරීම නිසා හාල් මිළ ඉහළ යෑමෙන් පාරිභෝගිකයාට අසාධාරණයක් වන බවට ඇතැමුන් චෝදනා කළත් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සදහා වත්මන් රජය මේ වන විටත් විශාල සහන රැසක් ලබා දි ඇති බව පෙන්වා දෙන ලදී. රජයේ සේවක වැටුප් වැඩි කිරීම, ඉන්ධන මිළ අඩු කිරීම, සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිළ අඩු කිරීම හරහා මෙවර අයවැයෙන් සහන රැසක් පාරිභෝගිකයාට ලබා දී ඇති බව පැවසූ අමාත්‍යවරයා පාරිභෝගිකයා සහ ගොවියා යන දෙදෙනාම ආරක්ෂා කර ගනිමින් රට සංවර්ධනය කිරීම වත්මන් රජයේ පිළිවෙත බවද පැවසීය.
මධ්‍යම, වයඹ, උතුරුමැද සහ සබරගමුව පළාත් වල සේවයේ නියුතු විවිධ සේවා සමූපකාර සමිති වල සභාපතිවරු ඇතුළු නිලධාරී වෙනුවෙන් මෙම සමූපකාරික හමුව පැවැත්වූ අතර, අදාළ සමිතිවලට බලපාන ගැටළු සහ එම සමිති වල ගණුදෙනුකරුවන් කෙරෙහි බලපාන ගැටළු මෙන්ම ඒවාට ලබා දෙන විසදුම් පිළිබද ඉතා පුළුල් ලෙස මෙහිදී අදහස් දක්වන ලදී.
මෙම අවස්ථාව සදහා ආහාර සුරක්ෂිතතාව පිළිබද අමාත්‍යශයේ ලේකම් එස් සුගතදාස මහතා, පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ නව සභාපති හේෂානී බෝගොල්ලාගම මෙනවිය, සහ එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුනන්ද කාරියප්පෙරුම යන මහත්ම මහත්වරු ඇතුළු සමූපකාර ක්ෂේත්‍රයේ නිලධාරීන් රැසක් සහභාගි විය.
MAP/TA_dmu_kandy