මෙහිදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ ජනතාවට රෝගී සත්කාරක සේවාවන් සැපයෙන ආකාරයත් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතිය උදෙසා ජපාන රජය විසින් ලබාදෙනු ලබන දායකත්වය පිළිබඳවත් සාකච්ඡා කෙරිණි.
මෙහිදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල පහසුකම් ඉතාමත් උසස් මට්ටමක පවතින බවත් එමෙන්ම පළපුරුදු වෛද්‍යවරු, හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදෙන බවත්ය.
මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටක් වශයෙන් ශ්‍රී ලංකාව, මෙවැනි නිදහස් සෞඛ්‍ය සේවාවක් සියලුම ජනතාවටසැපයීම පිළිබඳව තමන් මවිතයට පත් වන බවත්, ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව මුළු ලෝකයේම පැසසුමට ලක්විය යුතු බවද හෙතෙම පැවැසීය.
උතුරේ ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරිම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙල ඇතුළු ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ජපාන රජයේ සහයෝගය නිරතුරුව ලබාදීමට තමන් කටයුතු කරන බව ද, නව රජයේ ඉදිරි සමාජ හිතකාමි වැඩපිළිවෙළට ජපන් ශ්‍රී ලංකා මිතුදම තවත් ශක්තිමත් කරමින් ඕනෑම මොහොතක අවශ්‍ය සහයෝගය ජපන් රජය විසින් ලබාදෙන බව ද තානාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය, රාජිත සේනාරත්න මහතා කියා සිටියේ ජපාන රජය ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදෙන බවයි.
පසුගිය කාලයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ භෞතික සම්පත් සංවර්ධනයේ දී ජපාන රජය ලබාදෙන ලද අති විශිෂ්ට සහයෝගය සඳහා ජපාන රජයට ශ්‍රී ලංකා නව රජය වෙනුවෙන් තමන් සිය කෘතඥතාවය පළ කරන බවත්, නිදහස් සෞඛ්‍ය සේවාව අප රට තුළ ක්‍රියාත්මක කිරීම පසුගිය රජයන් මෙන්ම නව රජය ද ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන තිඛෙන බවත්, එම සෞඛ්‍ය සේවාවන් තවත් ශත්තිමත් කිරීම සඳහා ජපාන රජයේ සහයෝගය ඉදිරියේ දී තවදුරටත් බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවැසීය.