පසු ගිය රජය විසින් 2014 අය වැය යෝජනාවක් වශයෙන් ක්ෂේත්‍ර නිලධාරීන් වෙත යතුරු පැදි ලබාදීමේ වැඩසටහන ආරම්භ වූ අතර වත්මන් රජය විසින් ද මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කර සිටියේ ය.
එදිනට පැමිණෙන ක්ෂේත්‍ර නිලධාරීන් ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍ර හෝ විදේශ ගමන් බලපත්‍රය රැගෙන ඒම අනිවාර්යය වේ. එමෙන් ම යතුරු පැදි ලබාගැනීම සඳහා මුදල් ගෙවන ලද කුවිතාන්සියද රැගෙන ඒම අනිවාර්යය වේ.
මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ක්ෂේත්‍ර නිලධාරීන් විසින් ලබා දී ඇති විශේෂ ලිපි ගොණුවෙහි අඩු පාඩු පවතීනම් එම ලිපි ද්‍රව්‍ය ද රැගෙන එන ලෙස දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතා වැඩිදුරටත් දන්වා සිටී.
kpm_dmu_nuwaraeliya