වයඹ පළාත් සභාවේ දැනට වාහන 1000 ක් පමණ තිබෙන බවත්, පළාතේ රාජ්‍ය ආයතන තුළ ඇති එම වාහන සඳහා සේවාවන් ලබා ගැනීමට පළාතේම රජයේ ආයතනයක් තිබීම බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව එම අවස්ථාවට සහභාගී වූ ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ ය.
මෙම අවස්ථාවට වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, වයඹ පළාත් ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න, ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් පී.බී.එම්. සිරිසේන, යන්ත්‍රෝපකරණ අධිකාරියේ සභාපති සුනීල් ප්‍රනාන්දු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
SDF