මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, වෛද්‍ය රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, අකිල විරාජ් කාරියවසම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ යන මහත්වරුන්, ආදී ආනන්දීයන් හා පාසල් සිසුන් සහභාගි වීමට නියමිතය.
මේ පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
දිවයින පුරා විසිරී සිටින වයස අවුරුදු 16 - 18ත් අතර යෞවන අදහස් වෙනුවෙන් අවස්ථාව ලබාදෙමින් දිවයින පුරා පාසල් මට්ටමින් ජනමාධ්‍ය සමීක්ෂණයක්ද පැවැත්වූ බව මේ අවස්ථාවට එක්වූ ආනන්ද විද්‍යාලයේ ප්‍රවෘත්ති විකාශය භාර ආචාර්ය ධම්මික පෙර්රා මහතා පැවසීය.
දිවයිනේ අධ්‍යාපන කලාප 97ක එක් කලාපයකින් පාසල් 05කින් තෝරා ගත් සිසුන් 20කගේ අදහස් එක්කාසු කරගත් නියැඳියක් මඟින් පාසල් ළමුන් 10,000ක්ට ආසන්න පිරිසක් යොදා ගෙන මේ සමීක්ෂණය සිදු කර ඇත. එසේ එක් කර ගත් දත්ත කොළඹ විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ සංගණනයට ලක් කෙරිණි. මෙවර තරග සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන් ම තරග පැවති අතර සම්මාන 28ක් ප්‍රදානය සඳහා තරග පැවැත්විණි. අපේ රටේ දරුවන්ට හොඳ මාධ්‍ය කලාවක් බිහිකිරීමේ අරමුණෙන් මේ සම්මාන උළෙල පවත්වන බව ද ඒ මහතා පැවසීය.
මේ අවස්ථාවේදී සංදේශ සම්මානය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඩබ්.එම්.සී.කේ. මහමිතව මහතා අතින් ජනමාධ්‍ය අමාත්‍යාංශ වෙත ප්‍රදානය කළ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහකාර ලේකම් (මාධ්‍ය) කේ.පී. ජයන්ත මහතා විසින් එම සම්මානය භාර ගන්නා ලදී.
ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පති පූජ්‍ය හඟුරන්කෙත චන්ද්‍රරත්න හිමිපාණන් වහන්සේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හිල්මි මොහමඩ් හා විද්‍යාලයේ සිසුහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
NDH