නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිමානවත් තාරුණ්‍යයට අත්වැලක්" වැඩසටහන අද

    පෙබරවාරි 13, 2015
    උසස් පෙළ හදාරන්න තරුණ තරුණියන්ට තමන්ගේ අනාගතය හැඩගස්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ව මහඟු අත්වැලක් ලබාදීමේ වැඩසටහනක් අද (13) පුත්තලම ශාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ දී පැවැත්විණි. 
     
    නව රජයේ දින සියයයේ වැඩසටහන යටතේ මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර තරුණ කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන තරුණ කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කර තිබේ. 
     
    "අභිමානවත් තාරුණ්‍යයට අත්වැලක්" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා පුත්තලම දිස්ත‍්‍රික්කයේ තරුණ තරුණියන් දහසකට (1000) ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතය. 
     
    මෙම වැඩසටහන මඟින් තරුණ තරුණියන්ට පාසල් අධ්‍යාපනයෙන් පසුව තම ජීවිතයට සාර්ථක කරගැනීම සඳහා යායුතු ගමන් මඟ පිළිබඳ ව මුද්‍රිත පත‍්‍රිකා සහිත ව යම් අවබෝධයක් ලබාදෙනු ඇත. අ.පො.ස. උසස් පෙළ, කලා, වාණිජ, විද්‍යා, ගණිත, තාක්ෂණ විෂය ධාරාවෙන් හැදෑරූවන්ට ඊළඟ පියවර පිළිබඳ ව මෙහිදී ලබාදෙන අවබෝධය ජීවිතයේ ඊළඟ කඩඉම කරා යාමේදී මහගු පිටුවහලක් වන බව තරුණ කටයුතු අමාත්‍යංශයේ ලේකම් නිලන්ති සුගතදාස මහත්මිය ප‍්‍රකාශ කළාය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya