මෙම වැඩසටහනට ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ 4,000කට අධික ගොවින් සංඛ්‍යාවක් සහභාගී වූ අතර මෙහිදී වාරිමාර්ග සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් ප්‍රදේශයේ ගොවි ජනතාවගේ කාලීන ගැටලු රාශියකට කඩිනමින් විසඳුම් ලබාදීමට රාජ්‍ය නිලධාරීන් පියවර ගෙන ඇත.
මෙම අවස්ථාවට එක් වූ අනෝමා ගමගේ මහත්මිය සඳහන් කළේ, ගොවි ජනතාව තුළ වසර ගණනාවක් කැකෑරෙමින් තිබූ ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදීමට තමන් පියවර ගන්නා බවයි.
ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සේවා සැපයීම සඳහා වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින් සම්බන්ධ කර ගනිමින්, ගොවි ගැටලු විසඳා කෘෂි ක්ෂේත්‍රයේ නියුක්ත පිරිස දිරිගැන්වීම තම අමාත්‍යාංශයේ ඉලක්කය බව ද එතුමිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම අවස්ථාවේදී ප්‍රදේශයේ පාසල් 39ක් සඳහා ලීටර 5000 ජල ටැංකි ප්‍රදානය කිරීම ද කෘෂිකාර්මික ඉඩම් සදහා ඔප්පු 15ක් ප්‍රදානය කිරීම සහ අබාධිත කාන්තාවක් වෙනුවෙන් රෝද පුටුවක් ප්‍රදානය කිරීම ද සිදුවිය.
NDH