නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු නැඟෙනහිර ඉන්දියන් ආධාර ලත් නිවාස 27,000ක වැඩ අවසන්

    ජනවාරි 28, 2015

    රටේ දීර්ඝ කාලයක් පුරා පැවති ත්‍රස්තවාදය නිමා කිරීම සඳහා පැවති යුද්ධය හේතුවෙන් අභ්‍යන්තර වශයෙන් අවතැන්වූ උතුරු හා නැඟෙනහිර ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ඉන්දීය රජයේ ආධාර මත ක්‍රියාත්මක නිවාස වැඩසටහන යටතේ මේ වනවිට නිවාස 27,000ක් සම්පූර්ණයෙන් ම ඉදිකර අවසන් බව ඉන්දියාවේ 66 වැනි ජාතික දිනය නිමිත්තෙන් කොළඹ දී සංවිධානය කළ සැමරුම් උත්සවයකට සහභාගි වෙමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතා සඳහන් කළේය.

    ඉන්දීය රජය විසින් මෙසේ අවතැන්වූවන් සඳහා ආරම්භ කරන ලද නිවාස 50,000 වැඩසටහන යටතේ උතුරු නැඟෙනහිර ප්‍රදේශයන්හි ජනතාව සඳහා නිවාස 43,000ක් ඉදිකිරීමට සැලසුම්කර තිබූ අතර ඉන් නිවාස 10,000 ක් 2013 වසරේදීත් තවත් නිවාස 16,000 ක් 2014 වසරේදීත් ඉදිකරදී තිබෙන බව පැවසූ ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කරමින් නියමු ව්‍යාපෘතියක් වශයෙන් නිවාස 1000ක් ඉදිරිකිරීමට ඉන්දීය රජය පියවර ගත් බවත් ඒ අනුව මේ වන විට නිවාස 27,000 ක් සාදා නිමකරදී ඇති බවද පවසා සිටියේය.

     

    දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විශේෂ සම්බන්ධතාවයක් පැවතුන බව සඳහන් කළ සිංහා මහතා හුදෙක් එය භූගෝලීය වශයෙන් පමණක් ඇතිවූ සම්බන්ධයක් නොවන බවත් ආගමික, සංස්කෘතික, භාෂා මෙන්ම ආර්ථීක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ එය විහිදී යන බවද ඒ අනුව දැනට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන ද්වීපාර්ශවික සබඳතා දෙරටේ ජනතාවගේ යහපත වෙනුවෙන් ඉදිරියටම පවත්වාගෙන යනු ලබන බවද මෙහිදි අවධාරණය කර සිටියේය.

     

    පසුගිය දා පැවැති ජනාධිපතිවරණය සාමකාමී මැතිවරණයක් ලෙස නිමා කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය සතුට පළ කළ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා නව ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවාසීන් වෙනසක අවශ්‍යතාවය පෙන්වා දී තිබෙන බවද සඳහන් කළ අතර මහජනතාවගේ අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් මින් ඉදිරියට ද ශ්‍රී ලංකා රජයට පූර්ණ සහාය ලබාදෙන බවද මෙහිදී සඳහන් කර සිටියේය.

     

    එසේම ශ්‍රී ලංකාවේ උතුරු දුම්රිය මාර්ගය යාපනය දක්වා ඉදිකිරීම වෙනුවෙන් ඉන්දීය රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක ණය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදුන් බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර 24ට පසුව යාල්දේවී දුම්රිය මේ වනවිට යාපනය දක්වා ගමන් කරන බවද මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියේය.

     

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya