නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියේ රාජ්‍ය නොවන ආයතනයන් හි ප්‍රගතිය නීරීක්ෂණය කෙරේ

    ජනවාරි 28, 2015

    නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන ආයතනයන් හි ප්‍රගතිය නීරීක්ෂණය කිරීම ඊයේ (27) අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම් අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    ඒ අනුව වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මාලියද්ද සහ මොරහෙල යන ග්‍රාම සෙවා වසම් හි සිදු කරනු ලැබූ ප්‍රජා සංවර්ධන වැඩසටහන් මෙසේ නිරීක්ෂණයට ලක් විය.

     

    වර්ල්ඩ් විෂන් ආයතනය විසින් මෙම ප්‍රජා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර ඒක පුද්ගල ආදයම් තත්ත්වය නගා සිටුවීම සහ ඔවුන් විසින් සිදු කළ වැඩසටහන්ද අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමියගේ විශේෂ ඇගයීමට ලක් විය. කිරි ගවයින් ඇති කිරීම, කුකුල් පාලනය මෙහි දී විශේෂිත වේ. එයට අමතරව මැහුම් පාඨමාලා, බිම් මල් ව්‍යාපෘති සහ සිල්ලර වෙළදාම සදහාද ඔවුන්ගේ දායකත්වය සපයා දී තිබේ. එමෙන් ම ග්‍රාමීය ප්‍රජාවගේ දායකත්වය ඇතිව සිදු කෙරෙන ප්‍රජා ශාලා ව්‍යාපෘතිය සහ වැසිකිළි ව්‍යාපෘතිය ද මේ වන විටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
    MAP/SH_dmu_n'eliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya