නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගැටලු ඇති තැන් සොයා බලා ඒවා විසඳන්නට අවශ්‍ය කටයුතු කරනවා” - අධ්‍යාපන අමාත්‍ය

    ජනවාරි 28, 2015

    දැනට බලපවත්නා රෙගුලාසි චක‍්‍රලේඛ සියල්ල පසෙකට දමා,  තමාට රාමුවෙන් පිට තීන්දු ගැනීමට නොහැකි බවත් ගැටලු පවත්නා තැන් හඳුනාගෙන ඒවා විසඳන්නට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    නව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහභාගී වූ දෙවැනි මහජන දිනය අද පැවැත්වුණු අතර, එහිදී අමාත්‍යවරයා මේ අදහස් දැක්වීය. අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ පසුගිය වසර ගණනාවක් තිස්සේ නොවිසඳුණු බොහෝ ගැටලු විසඳාගැනීම සඳහා නව අමාත්‍යවරයා හමුවීමට දිවයිනේ නොයෙක් ප‍්‍රදේශවලින් ජනතාව පැමිණ සිටියහ.

     

    දැනට ක‍්‍රියාත්මක වන ද්විතීයික පාසල්  සම්බන්ධයෙන් ද විශාල ගැටලු පවතින බවත්, මේ නිසා වසා දමන්නට සිදුවූ පාසල් සහ පරිපාලනය අක‍්‍රමවත් වූ පාසල් සම්බන්ධයෙන් ඉදිරියේදී සොයාබලා අවශ්‍ය ප‍්‍රතිව්‍යූහගත කිරීම් සිදුකරන බවත් මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

     

    මහජන දිනයේ අමාත්‍යවරයා හමුවීමට පැමිණ සිටි ජනතාව අතර, තම දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ ගැටලු විසඳාගැනීමට පැමිණි දෙමව්පියන් ද, තම ස්ථාන මාරු, වැටුප් විෂමතා, උසස්වීම් ආදිය විධිමත්ව සිදු නොවීම හා දේශපාලන අසාධාරණවලට ලක් වූ ගුරුවරුන් ඇතුළු අනෙකුත් පාර්ශවයන් රැසක් ද වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya