නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවරදී නිදහස් දින සැමරුම චාම්ව හා ගාම්භීරව

    ජනවාරි 28, 2015

    පසුගියදා ජනාධිපතිවරයා දිවුරුම් දුන් උත්සවය ඉතා චාම් ආකාරයෙන් පැවති බවත්, එය සෙසු රාජ්‍ය උත්සව පැවැත්වීමේදී සැමට ආදර්ශයක් බවත් මහනුවර දිසාපති එච්.එම්.ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.

    එලෙසම මෙවර මහනුවරදී පවත්වන 67 වැනි නිදහස් දින සැමරුම චාම් එහෙත් ගාම්භීර උත්සවයක් ලෙස පවත්වනු ලබන බව පසුගිය 19දා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති 67 වැනි ජාතික දින උත්සවයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් පැවති විශේෂ රැස්වීමකදී දිසාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

     

    ඒ අනුව මෙවර මහනුවර දිස්ත්‍රික්කයේ ජාතික නිදහස් දින සැමරුම නිදහස් දිනදී මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු පාසල් රැසක දරු දැරියන් 2000 කට අධික පිරිසගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී අචාර පෙලපාලියක් සහ සරඹ සංදර්ශනයනක්ද පැවැත්වීමට නියමිතය.

     

    මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් සහ මහනුවර මහ නගර සභාව ඇතුළු රජයේ ආයතන රැසක සහයෝගයෙන් පැවැත්වෙන මෙවර මහනුවර නිදහස් දින සැමරුම සදහා දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

    MAP/TA_dmu_kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya