නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප ගම් මට්ටමේ සමෘද්ධි ප්‍රජා සමිති ප්‍රතිව්‍යුහගත කරනවා - නිවාස හා සමෘද්ධි අමාත්‍ය

    ජනවාරි 28, 2015
    ගම් මට්ටමේ සමෘද්ධි ප්‍රජා සමිති ප්‍රතිව්‍යුහගත කරන බවත් එහි දී සමෘද්ධිලාභීන් ලෙස පුද්ගලයන් නිර්දේශ කිරීමේ දී සියල්ලන් එක් වී ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයන් තෝරා ගැනීමේ ක්‍රමයක් ඇති තරන බවත් ඊට එකම සුදුසුකම වන්නේ දේෂපාලන පක්ෂය, පාට නොව දිළිඳුකම පමණක් බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වළස්මුල්ල ජනතාව විසින් අභිනව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීම සඳහා පැවති උත්සවයකට සහභාගි වෙමිනි.
     
     
    පසුගිය වකවානුව මේ රටේ දුප්පත් ජනතාව කබලෙන් ලිපට වැටුණු සමයක් බවත් ඒ කාලයේ වරප්‍රසාද ලත් පංතිය සුරසැප විඳිද්දී දුප්පතුන්ට උරුම වුණේ බඩගින්න, පිපාසය හා නැතිබැරිකම පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා ඒ අමිහිරි අතීතයෙන් පාඩම් ඉගෙන ගනිමින් සැබෑ ජනතා සේවයක් වෙනුවෙන් වත්මන් රජය කැපවී සිටින බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
     
    සමෘද්ධි වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී තිබුණු නිසා එහි අරමුණු මුදුන්පත් කරගැනීමට හැකියාවක් නොලැබුණු අතර එදා සමෘද්ධි සහන ලබන්නට සුදුසුකම වුණේ දුප්පත්කම, නැතිබැරිකමට වඩා දේශපාලන ගැතිකම බවත් සමෘද්ධිලාභීන් තෝරා ගැනීමට තමන් ඉදිරිපත් කරන නව ක්‍රමය දේශපාලන අතපෙවීම්වලින් තොර බව ඒ මහතා කියා සිටියේ ය.
     
     
    තවදුරටත් ජනතාව ඇමතූ නිවාස හා සමෘද්ධි අමාත්‍යවරයා,
     
     
    “සමෘද්ධිලාභීන් ලෙස තෝරාගත් පුද්ගලයන්ගේ නාම ලේඛනය සමෘද්ධි ප්‍රජා සමිතියේ, ග්‍රාම නිලධාරීවරයාගේ, සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයාගේ සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව එම ග්‍රාම නිලධාරී වසම තුළ ප්‍රදර්ශනයට තැබිය යුතුයි. විරෝධතා ඇත්නම් එවිට ඉදිරිපත් කිරීමට හැකි වෙනවා. ඒ අනුව නැවත නාම ලේඛනය සංශෝධනය කිරීමට වුවද හැකියි. ප්‍රජා දායකත්වයෙන් සැකසෙන ප්‍රතිලාභී නාම ලේඛනයට සමෘද්ධි නිලධාරී, ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම්වරයා අත්සන් තබා එය අවසන් ලේඛනය බවට සහතික කළ යුතුයි. යම් වැරැද්දක් සිදුවුවහොත් ඒ තිදෙනා සාමුහිකව වගකිව යුතුයි. ඇමතිවරයා මේ ක්‍රියාදාමයට බලපෑම් කරන්නට එන්නේ නෑ.
     
     
    දේශපාලන පක්ෂ පක්ෂපාතී භාවය හෝ ගැතිභාවය සමෘද්ධිලාභීන් වීමට සුදුසුකමක් නොවන නිසා සමෘද්ධිලාභීන් සත්ත්ව කොට්ඨාසයක් මෙන් දේශපාලන සංදර්ශනවලට රැගෙන යාමට පාලකයන්ට තිබුණු ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඇහිරෙනවා.
     
     
    ප්‍රජා සහභාගීත්වයෙන් සිදු කරන ගම් 36,000 වැඩසටහන වැනි අපේ විශේෂ ව්‍යාපෘතීන්වලටත්, ග්‍රාමීය නිවාස වැඩපිළිවෙළටත් සමෘද්ධිලාභීන් සම්බන්ධකර ගනිමින් තවදුරටත් ඔවුන්ට ප්‍රතිලාභ අත් කර දීම පිළිබඳව අප කල්පනා කරනවා“ යැයි ද පවසා සිටියේ ය.
     
     
    මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන පී. එච්. එන්. ලාල් චන්ද්‍ර, නිහාල් වෙදආරච්චි, වීරකැටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ගීනාත් අමරසිංහ සහ අනුර විදානාරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
     
    SDF
    sajith1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya