උතුරු මැද නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පේෂල ජයරත්න මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා ඉදිරියේ අද (28) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. ඔහු මෙයට පෙර උතුරු මැද පළාත් සභාවේ ආහාර, සමුපකාර හා වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය. 2012 වසරේ පැවැති උතුරු මැද පළාත් සභා මැතිවරණයේ දී පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඒ මහතා උතුරු මැද පළාත් සභාවට තේරී පත්විය. DB