නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා දුන් ආදර්ශය ඉදිරි උත්සවවල දී අනුගමනය කරනවා

    ජනවාරි 21, 2015
    පසුගියදා ජනාධිපතිවරයා දිවුරුම් දෙන උත්සවය ඉතා චාම් ආකාරයෙන් පැවති බවත් එය සෙසු රාජ්‍ය උත්සව පැවැත්වීමේදී සැමට ආදර්ශයක් බවත් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි. 
     
    එම නිසා මෙවර මහනුවර පවත්වන 67 වැනි නිදහස් දින සැමරුම ද චාම් එහෙත් ගාම්භීර උත්සවයක් ලෙස පැවැත්වීමට කටයුතු කරනු ලබන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
     
    දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කළේ පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ පැවති 67 වැනි ජාතික දින උත්සවයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් පැවති විශේෂ රැස්වීමකදීය.
     
    ඒ අනුව මෙවර මහනුවර දිස්ත්‍රික්කයේ ජාතික නිදහස් දින සැමරුම ලබන 04 වැනි දින මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී ගාම්භීර අයුරින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු පාසල් රැසක දරු දැරියන් 2,000කට අධික පිරිසගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී අචාර පෙළපාළියක් සහ සරඹ සංදර්ශනයනක් ද පැවැත්වීමට නියමිතය.
     
    මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සහ මහනුවර මහ නගර සභාව ඇතුළු රජයේ ආයතන රැසක සහයෝගයෙන් පැවැත්වෙන මෙවර  මහනුවර නිදහස් දින සැමරුම සඳහා දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya